
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටාගෙන් රු. කෝටි 12 ක අල්ලස් ගත් බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ හිටපු ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන වරුෂ හැන්නදිගේ අරුණ ශ්‍රී චතුරංග ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළා.
ඒ, සැකකරුවන් අද (28) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.
එමෙන්ම එක් සැකකරුවෙකුට ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් ද නියම කළා.