
පෙරහැර මංගල්‍යයක් සඳහා රැගෙන යමින් සිටි අලියෙකු කුරුණෑගල - මැල්සිරිපුර ඕමාරගොල්ල ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී බරපතළ තුවාල ලබා තිබෙනවා.
කෑගල්ල, රන්දෙණිය ප්‍රදේශයේ සිට මෙම අලියා රැගෙන යමින් සිට ඇත්තේ, මනම්පිටිය දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය සඳහායි.
අනතුර සිදුව ඇත්තේ අලියා රැගෙන යමින් තිබූ ලොරි රථයේ සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් අලියා එම වාහනයෙන් බස්සවා පාරෙන් ඉවත් කිරීමට උත්සාහ ගන්නා අවස්ථාවේදීයි.
අපරික්ෂාකාරී අන්දමින් දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ වැලි ටිපර් රථයක ගැටී අනතුර සිදුව තිබේ.
සිද්ධියෙන් බරපතළ ලෙස අපහසුතාවට පත් අලියාට අවශ්‍ය මූලික වෛද්‍ය ප්‍රතිකාර කඩිනමින් ආරම්භ කිරීමට වෛද්‍යවරුන් මේ වන විට පියවර ගෙන ඇත.
අනතුර සිදුකළ ටිපර් රථ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.