
ජපානයේ කියුෂූ කලාපයේ කුමමොටෝ ප්‍රාන්තයේ මැග්නිටියුඩ් 7.1ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශ සඳහා ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති බවයි.
එමෙන්ම ජපානයේ දකුණු දිග කියුෂු (Kyushu) දූපතට අයත් කුමමොටෝ, නාගසාකි, කගොෂිමා, ෆුකුඔකා, සාගා, ඔයිටා සහ මියාසාකි යන ප්‍රාන්ත වෙත ජපාන රජය විසින් හදිසි භූමිකම්පා අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව වාර්තා වේ.