
ජෝර්දානයේ ගුවන් සීමාවට ඇතුළු වූ ඩ්‍රෝනයක් ජෝර්දාන ගුවන් හමුදාව
විසින් වෙඩි තබා බිම හෙළා ඇති බව එරට හමුදාව නිවේදනය කරනවා.
එම ඩ්‍රෝනය කුමන රටකින් පැමිණියේද යන්න පිළිබඳව හමුදාව අනාවරණය
කර නොමැති අතර, නියෝග හා ආරක්ෂක නීතිරීති අනුව එය ජෝර්දානයේ
නැගෙනහිර කාන්තාර ප්‍රදේශයේදී විනාශ කළ බව සඳහන්.
ජෝර්දානයේ රාජ්‍ය ප්රවෘත්ති සේවය වන පෙට්රා (Petra) වාර්තා කළේ,
“අද අලුයම ජෝර්දානයේ ගුවන් සීමාව උල්ලංඝනය කළ ඩ්‍රෝනයක්” සාර්ථකව
වෙඩි තබා බිම හෙළූ බවට එරට හමුදා නිවේදනය කළ බවයි.
එමෙන්ම, ඩ්‍රෝනය ජෝර්දානයේ නැගෙනහිර කාන්තාර ප්‍රදේශයේදී විනාශ
කළ බවද එම නිවේදනයේ සඳහන් වේ.
මේ අතර, ඊශ්‍රායල ආරක්ෂක හමුදාවද ජෝර්දාන දේශසීමාව ආසන්නයේදි
ඩ්‍රෝනයක් විනාශ කළ බවත් එම ඩ්‍රෝනය ඊශ්‍රායල භූමියට ඇතුළු නොවූ
බවද ඊශ්‍රායල හමුදාව වැඩිදුරටත් සඳහන් කරනවා.