
ඉරානයේ හිටපු උත්තරීතර නායක අලි ඛාමේනි ඝාතනය කිරීමට නියෝග කළ සහ එය ක්රියාත්මක කළ පුද්ගලයන්ට අනිවාර්යයෙන්ම ප්රතිචාර දිය යුතු බව ඉරානයේ සන්නද්ධ හමුදාවන්ගේ ප්රධාන මාණ්ඩලික ප්රධානියාගේ උපදේශක මජිඩ් මිරාහ්මදි ප්රකාශ කරනවා. "මෙම බරපතළ අපරාධය සිදු කළ සහ එයට නියෝග ලබාදුන් පුද්ගලයන් කුරානයේ නියෝගය අනුව ඔවුන් කළ ආකාරයටම දඬුවම් ලැබිය යුතුය" යනුවෙන් මජිඩ් මිරාහ්මදි මහතා සඳහන් කොට තිබෙනව. මිරාහ්මදි මහතා වැඩිදුරටත් ප්රකාශ කළේ, මෙම පළිගැනීම පුද්ගලික කාරණයක් නොව ජාතික හා ඉස්ලාමීය වගකීමක් බවයි. එමෙන්ම ඉවසීම යනු එම අයිතිය ඉටු කර ගැනීම සඳහා නොනවත්වා කැපවී සිටීම බවත්, සුදුසු අවස්ථාවේදී ප්රතිචාරය ලබාදෙන බවත් ඔහු අවධාරණය කරනවා. තවද, මෙවැනි සිදුවීම්වලට නිසි ප්රතිචාරයක් නොදක්වන්නේ නම්, ඉරානයට දිගින් දිගටම ඝාතන තර්ජනවලට මුහුණ දීමට සිදුවනු ඇති බවත්, තම ප්රතිවාදීන් ඉරානය ප්රායෝගිකව ප්රතිප්රහාර එල්ල කිරීමට සූදානම් බව වටහා ගන්නා විට පමණක් එම තර්ජනය පහව යනු ඇති බවත් ඔහු ප්රකාශ කර තිබෙනවා.