
අද (24) ප්‍රකාශ කළේ බහරේනයේ පිහිටි ඇමරිකානු තාක්ෂණ සමාගමක් වන ඇමසන් (Amazon) ආයතනය සතු දත්ත මධ්‍යස්ථානයකට දෙවන වරටත් ප්‍රහාරයක් එල්ල කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසනවා. IRGC අනුව, එම ස්ථානයේ ඉතිරිව තිබූ අවසන් ගොඩනැගිල්ල මෙම ප්‍රහාරයෙන් විනාශ කළ බවත්, එය ඇමරිකානු හමුදාවට බුද්ධි තොරතුරු සැපයීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කළ බවත් සඳහන් කර තිබෙනවා. ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ, එම දත්ත මධ්‍යස්ථානය "ඇමරිකානු හමුදාවට බුද්ධි සහාය ලබාදෙන ඇමසන් (Amazon) සමාගමේ බුද්ධි දත්ත මධ්‍යස්ථානය" ලෙස IRGC විසින් හඳුන්වා ඇති බවයි. මෙයට පෙරද පසුගිය බදාදා ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් එම දත්ත මධ්‍යස්ථානය ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කළ බව ප්‍රකාශ කර තිබුණා. මේ වන තෙක් Amazon සමාගම හෝ බහරේන් බලධාරීන් ඉරානයේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රතිචාරයක් නිකුත් කර නොමැත.